රටේ මිල කළ නොහැකි රහස් ලිපි ලේඛන සියල්ල විදෙස් රටකට දීලා!

January 31, 2019 at 2:52 am | by admin

අපේ රටට එරෙහිව විවිධ විදෙස් බලවේග ක්‍රියාත්මක වන බවත් බුදු දහමට එරෙහි කුමන්ත්‍රණ පිටුපස රාජ්‍ය නොවන සංවිධාන ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මතින් නිදහස් රටක් වැඩසටහන් මාලාවේ මාතර පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වූයේය.

“වසර දහස් ගණනක් තිස්සේ අප රැකගත් උරුමයට අදාළ කිසිවකුට ලබා නොදුන් ලියවිලි කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ නැත්පත් කරලා තියෙනවා. එම සියලු ලිපි ලේඛන ඒවා පසුගිය දවස්වල රජයේ කිසිදු අනුමැතියකින් තොරව විදෙස් රටකට ලබා දීලා තියෙනවා. අපේ සංස්කෘතිය සහ එහි වටිනාකම් විනාශ කරන කුමන්ත්‍රණ මේ. ඒවා අප විසින් අවබෝධකර ගත යුතු වෙනවා.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *