රටේ ම රැල්ල සජිත්ට මිස අනුරට නෙමෙයි…! සජිත් තරුණයාගේ දක්ෂතා ගැන ආඩම්බරයි…! – විජයමුණි සොයිසා…

March 18, 2023 at 10:16 am | by emanisa.lk

ජාතික ජන බලවේගයට රටේ විශාල රැල්ලක් ඇති බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසයි.

ඔවුන්ගේ ජනරැලිවලට මෙන් රට පුරා සිටින පාක්ෂිකයින් සජිත් ප්‍රේමදාසගේ ජනරැලිවලට බස් පුරවා ගෙන නො ආව ද රටේ රැල්ල ඇත්තේ ඔහුට බවයි, විජයමුණි සොයිසා සඳහන් කළේ.

සජිත් ප්‍රේමදාස තරුණයාට වීණා වාදනය ඇතුළු විවිධ දක්ෂතා ඇති බවත් ඒ පිළිබඳ සතුටු නොවී ඊර්ෂ්‍යා කළ යුතු නැති බවත් හෙතෙම කීය.

යමක් අඳුරේ හෝ අතපත ගා තිබීම වටින බව ප්‍රකාශ කළ විජයමුණි සොයිසා, සමහර දේවල් එළියේ අතපත ගෑ නොහැකි බව ද වැඩි දුරටත් පැවසීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *