රටේ මුඛ්‍ය සංවාදය ‘ධනය නිර්මාණය’ නොව ‘ණය’ වීම ඛේදවාචකයක්…! – දිලිත් ජයවීර…

July 23, 2024 at 10:44 am | by emanisa.lk

රටක ප්‍රමුඛ සංවාදය ණය ගැනීම සහ ණය ගෙවීම බවට පත්වීම මහා ඛේදවාචකයක් බව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

රටක මුඛ්‍ය සංවාදය විය යුත්තේ නිර්මාණශීලී ලෙස ධනය නිර්මාණය කිරීම බවයි, ඔහු අවධාරණය කළේ.

රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 60%ක් පමණ ණය සහ පොළී ගෙවීමට වැය වන අතර රටේ සියලු කටයුතු ඉතිරි 40%න් කිරීමට සිදුව ඇති බවත් ධනය නිර්මාණය කරමින් එම කොටස වැඩිකරගත යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

මේ වන විට රටේ සියලු දේශපාලකයන් වැල් පාළමේ ඉදිරියට යෑම ගැන මිස අලුත් පාළමක් නිර්මාණය කර ගැනීම පිළිබඳ කතා නොකරන බව ද ඔහු වැඩි දුරටත් කීය.

ඊයේ (22) දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් දිලිත් ජයවීර මේ ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *