රටේ මාසයක් කන්න හාල් නෑ…! නැත්නම් මෝල්කාරයෝ හංගලා…! හාල් පිට රටින් ගේන්නේ ඒකයි…! – බන්දුල

June 26, 2021 at 9:04 am | by emanisa.lk

රට තුළ වී සහ සහල් ඇත්තේ මාසයක කාලයක පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් අඩුවෙන් බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පවසයි.

“මේ වනවිට සහල් මෝල් 84ක් තමන් සතුව පවතින සහල් තොගය ලෙස දක්වලා තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5034යි. සහල් මෝල් 96ක් වී මෙට්‍රික් ටොන් 230,000ක් තියෙන බව දන්වලා තියෙනවා.

එතකොට මේ වී, සහල් සියල්ල ම ගත්තොත් මේ ඔවුන් එළිදරව් කරලා තියෙන තොරතුරු සත්‍යය නම් තව මසකට පමණයි සහල් සහ වී ප්‍රමාණවත්. මසකටත් නෑ. මක්නිසාද යත් එක් මසකට සහල් මෙට්‍රික් ටොන් 185,000ක් පමණ ලංකාවේ පරිභෝජනය කරනවා.

ඉතිං මේ තියෙනවා කියනවා ඕනෙ තරම්, හැබැයි ඒවා පාරිභෝගික කටයුතු අධිකාරියේ විධිවිධානවලට අනුව ලියාපදිංචි කරන්නෙ නෑ. එහෙම නම් මේ තොග එළියට එන්නෙත් නැත්නම්, සහතික මිලට පාරිභෝගිකයාට උපරිම සිල්ලර මිලට භාණ්ඩ ලබාගන්නත් බැරි නම් රජය තීරණය කළා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න.

කිසිදු සැකයකින් තොරව මේ මිල ගණන්වලට වඩා අඩුමිලට ආනයනය කරලා එය මේ උපරිම සිල්ලර මිල යටතේ අලෙවි කරන්න පුළුවන්කම හොඳටම තිබෙනවා. රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා අද දින ප්‍රසිද්ධ තරගකාරී ටෙන්ඩර් කැඳවීම කරලා තියෙනවා.”

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස