රටේ භෝග වගාව විනාශ නොකර වහා ම රසායනික පොහොර ගෙන්වනු….! – වජිර….

July 10, 2021 at 1:02 pm | by emanisa.lk

රසායනික පොහොර නොමැතිකම නිසා මෙරට තේ සහ අනෙකුත් වගා විනාශ වී රට දරිද්‍රතාවකට තල්ලුවිය හැකි බැවින් වහා ම තත්ත්වයෙන් ඉහළ රසායනික පොහොර ආනයනයට පියවර ගන්නා ලෙස එජාප සභාපති වජිර අබේවර්ධන පවසයි.

පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවකට එකතු වෙමින් වජිර අබේවර්ධන මේ බව ප්‍රකාශ කළේ ය.

ලෝකයේ භෝග වගාවල ඵලදාව ඉහළ නංවා ගැනීම සඳහා ඒ සඳහා යොදන පොහොර සහ රසායනික වර්ග වෙනස් කිරීම වගේ ම ශාඛවල ජාන වෙනස් කිරීමත් සිදු කරන බව ඔහු අවධාරණය කරයි.

එහෙත් පොදුජන එක්සත් පෙරමුණු රජය වරෙක රු. 350ට පොහොර ලබා දෙන බව ද තවත් වරක නොමිලේ පොහොර ලබා දෙන බව ද ප්‍රකාශ කරමින් මේ රටට තත්ත්වයෙන් බාල කල් ඉකුත් වූ පොහොර ගෙන ඒම නිසා විශාල විනාශයක් සිදු වූ බවත් වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

ඊළඟ සියවසේ දී ලෝක ජනගහනය බිලියන 9 සිට බිලියන 10 දක්වා ඉහළ යනු ඇති බවත් මෙරට ජනගහනය මිලියන 23 සිට 28 දක්වා ඉහළ යනු ඇති බවත් එම ජනගහනයට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදන කළ යුතු බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *