රටේ පොලී අනුපාත 5%ක් කළා නම් සමෘද්ධි සහනාධාර දෙන්න ඕන නෑ! – රවී

June 24, 2019 at 1:35 pm | by emanisa.lk

ලංකාවේ පොලී අනුපාතය 15 – 16% ක් වන නිසා සහජ හැකියාව තිබෙන පිරිසට ඒ තුළින් තම ආර්ථිකය ගොඩනගා ගන්න ණය මුදලක් ලබාගන්න නොහැකි වී ඇති බව ඇමති රවී කරුණානායක පවසයි.

මහ බැංකුවට මේ විෂමතා මගහරවා ගත හැකි නම් පොලී අනුපාතය 5% ක් වැනි තත්ත්වයකට ගෙන යා හැකි නම් ජනතාවට සමෘද්ධි සහනාධාර ලබා දීමේ වැදගත්කමක් නැතැයි ද වෙනසක් ඇති කළ යුත්තේ ඒ ආකාරයට බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

කොළඹ දිස්ත්‍රික්කයේ සමෘද්ධීලාභීන් 11512 ක් වෙනුවෙන් සමෘද්ධි හිමිකම් ඔප්පු ලබාදීමේ අවස්ථාවට එක් වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස