රටේ පොල් අස්වනු සහතික කරන පියවරක්…! පොල් ගස් කැපීම වහාම තහනම් කරයි…!

June 20, 2021 at 8:55 am | by emanisa.lk

ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරයකින් තොරව කිසිදු ප්‍රදේශයක පොල් ගස් කැපීම තහනම් කර තිබේ.

ඒ අනුව තමන්ට පොල් ගසක් කපා ඉවත් කිරීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රාදේශිය ලේකම්වරයාගේ අවසරයක් ගත යුතු වේ.

ඒ සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇතැයි ද පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තිස්ස හේවා විතාරන සඳහන් කළේ ය.

ගස් කපා හෙලීම් පාලන පනත යටතේ තිබූ කොස්, ගම් දෙල් සහ තල් ගස් යන ශාඛවලට අමතරව පොල් ගස ද එම ලැයිස්තුවට අලුතින් ඇතුළත් කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *