රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යන්න දෙමළ සන්ධානයට අයිතියක් තියෙනවා! – සරත් ෆොන්සේකා

March 25, 2019 at 7:08 am | by admin

රට තුළ යුක්තිය ඉටු නොවන්නේ නම් එම ගැටලුව රටේ ඕනෑම පුරවැසියෙකුට ජාත්‍යන්තරය ඉදිරියට රැගෙන යෑමේ හැකියාව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

වැරදිකරුවන්ට රට තුළ නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් උතුරේ දේශපාලකයන් ඊට එරෙහිව ක්‍රියා කරන බව හෙතෙම පැවසූයේ කැලණිය පොල්හේන්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය නැඟූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබා දෙමිනි.

දේශපාලනය මැදිහත් කරගැනීමකින් තොරව රටේ වැරදිකරුවන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මෙම ගැටලුව නිරවුල් කරගත හැකි බවත් යුධ අපරාධ පිළිබඳව ඇති සියලු චෝදනා යුද්ධය පැවති සමයේ සිදු වු සිදුවීම් නොව ඉන් පසුව සිදු වූ ඒවා බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස