බරපතළ අපරාධයක් සිදු වූ විට එම විමර්ශන කටයුතු කළ යුතු ආකාරය අපරාධ නඩු විධාන සංග්‍රහයේ සවිස්තරාත්මකව දක්වා ඇතැයි අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කරන ආකාරය මාධ්‍ය වෙත නිකුත් කිරීම එම නීති උල්ලංඝනය කිරීමක් බවයි.
මේ වන විට එම වරද කළ පිරිස අත්අඩංගුවේ පසුවිය යුතු බවයි, ඇමැතිවරයා අවධාරණය කළේ.
අධිකරණය හමුවේ ඇති නඩුවකට අදාළ තොරුතුරු පොලිසිය මගින් මාධ්‍ය වෙත නිකුත් කිරීම අධිකරණයට සිදුකළ අපහාසයක් බවත් ඒ නිසා ම යුක්තිය ඉටුවීමේ අවස්ථාව අහිමි වන බවත් හෙතෙම සඳහන් කරයි.
ඒ නිසා අදාළ වරද සිදුකළ පුද්ගලයා තරාතිරම නොබලා අත්අඩංගුවට ගතයුතු බව ද ඒ සඳහා කටයුතු කිරීම අධිකරණයේ වගකීමක් බව ද විජයදාස රාජපක්ෂ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
ක්ලබ් වසන්ත ඝාතන නඩුවට අදාළව ටැටූ ආයතන හිමිකරු ලවා පොලිසිය මාධ්‍ය ඉදිරියේ කට උත්තරයක් ලබා ගෙන ප්‍රචාරය කිරීම පිළිබඳ අදහස් දක්වමින් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව කීය.