රටේ තරුණ පරපුර අපෙන් ඈත්වෙලා! උඹලා මොන කෙහෙම්මලද කළේ කියලා ඔවුන් අහනවා! – රවී

October 24, 2019 at 7:57 am | by emanisa.lk

මේ වන විට රටේ තරුණ තරුණියන් තමන්ගේ ඈත් වී ඇතැයි ඇමති රවී කරුණානායක පවසයි.

උඹලාට අවුරුදු 05කට බලය දුන්නා මොන කෙහෙම්මල ද කළේ ද කියා ඇසීමට එම තරුණයන්ට අයිතියක් ඇතැයි ද හෙතෙම පවසයි.

එහෙත් තව එක වතාවක් තමන් කෙරෙහි විශ්වාසය තබන ලෙස එම තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින බව ඇමතිවරයා ඉල්ලා සිටියි.

පසුගිය සමයේ අමාරුවෙන් ලබා දුන් රැකියා ප්‍රමාණය පන්සිය ගුණයකින් වැඩිකර ලබා දීමට කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය.

ඔහු මෙම අදහස් දැක්වූයේ සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීම සඳහා පැවැත් වූ මාලබේ ජනරැලියේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස