රටේ ගැටුම්වලට නීතීඥ සංගමේ උඩගෙඩි දුන්නා…! අපරාධකාරයින්ට නීතීඥයෝ අත්පුඩි ගැහුවා..!

August 4, 2022 at 6:29 pm | by emanisa.lk

පසුගිය අර්බුදකාරී කාලයේ ගැටුම් උත්සන්න වීමට නීතීඥ සංගමයේ හැසිරීම ද හේතුවක් වූ බව නීතීඥ අතුල ද සිල්වා පවසයි.

නීතීඥයින්ගේ වෘත්තීය ආචාර ධර්ම ආරක්ෂා කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සහ නීතියේ යහපැවැත්ම සම්බන්ධයෙන් නීතීඥයින් නිවැරදි ලෙස කටයුතු කිරීමට යොමු කිරීම සඳහා නීතීඥ සංගමය මැදිහත් විය යුතු බව තමා ලිපියක් මගින් ඔවුන්ට දැනුම් දුන් බවයි, අතු ද සිල්වා ප්‍රකාශ කළේ.

යම් යම් අපරාධ නඩුවල චූදිතයින් උසාවියෙන් ඇප ලබා එළියට පැමිණි අවස්ථාවල නීතීඥ කණ්ඩායම් අත්පුඩි ගසා පිළිගත් බවට ද ඔහු චෝදනා කළේය.

එය අපරාධකරුවන්ට අපරාධ කිරීම සඳහා උත්ප්‍රේරණයක් වූ බව තමන් විශ්වාස කරන බව ද නීතීඥ අතුල ද සිල්වා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *