රටේ කොවිඩ් ආසාදිතයෝ 30, 000ක් ඉන්නවා…! මරණයෙන් ගැළවෙන්න නම් රට වහන්න ඕන…! – නලීන් බණ්ඩාර…

August 14, 2021 at 11:03 pm | by emanisa.lk

ඊයේ දිනයේ ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් 38 700ක් ද මරණ 470ක් වාර්තා වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

එක්සත් රාජධානියේ ආසාදිතයින් 32, 000ක් ද මරණ 100ක් වාර්තා වී ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එහෙත් ලංකාවේ ආසාදිතයින් 3152ක් වාර්තා වන විට 156 දෙනෙකු මරුමුවට පත්වන බව ද නලීන් බණ්ඩාර පෙන්වා දෙයි.

එමගින් තහවුරු වන්නේ රටේ වාර්තා වන රෝගීන් මෙන් 10 ගුණයක් රෝගීන් රට තුළ සිටීම යැයි ද ඔහු කියයි.

එහෙයින් මරණ වළක්වා ගැනීමකට නම් සම්පූර්ණයෙන් රට වසා දැමිය යුතු බව ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *