ලබන වසරේදී රටේ ආහාර හිඟයක් ඇති වීමට ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසයි.
දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආහාරවල කිසිදු හිඟයක් ඇති නොවන බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
ඩොලර් හිඟය හේතුවෙන් ඇතැම් ආනයනික ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට නොහැකිවීම නිසා ඇතැමුන් ලබන වසරේ දී රටේ ආහාර හිඟයක් ඇති වන බවට ප්‍රකාශ සිදු කරන බව පැවසූ අජන්ත ද සිල්වා, කාබනික පොහොර සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව මුල්කර ගනිමින් ජනතාව මුලා කර දේශපාලන වාසි ගැනීමට ඇතැමුන් මෙවැනි සාවද්‍ය ප්‍රකාශ සිදු කරන බව ද පැවසුවේය.