රටේ කිසිම යට ඇඳුම් හිඟයක් නෑ…! අවශ්‍ය අයට සතොසින් අඩු මිලට විකුණනවා…! – බන්දුල…

September 12, 2021 at 1:06 pm | by emanisa.lk

යට ඇඳුම් හිඟයක් රට තුළ කිසිසේත් ම ඇති නොවන බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන අවධාරණය කරයි.

“ඕනෙම කෙනෙකුට රෙදිපිළි ඇඟළුම්වල යට ඇඳුම් අවශ්‍යතාවක් තියෙන කවුරු හරි ඉන්නවා නම් මං වෙළඳ ඇමතිවරයා වශයෙන් වගකීම බාරගන්නවා ඉල්ලන ඕනෙ ප්‍රමාණයක් සපයන්න. අතිරික්ත තොග විශාල ප්‍රමාණයක් ඇඟළුම් නිෂ්පාදකයින් ළඟ මේ වෙලාවෙත් තියෙනවා.

ඒ නිසා ලංකාවෙ කිසිම ඇඟළුම් – අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේ තියෙන අපවාදය මේ තියෙන වැරදි සහගත ප්‍රචාරය නිසා අවශ්‍ය වෙන රෙදිපිළි ඇඟළුම් කාටහරි ඕනෙ නම් පවතින මිලටත් වඩා අඩු මිලට සැපයීමට සතොස හා රාජ්‍ය ආයතන හරහා සැපයීමට අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්න”

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මේ බව පැවසුවේ ඊයේ (11) දිනයේ දී ඇඟළුම් නිෂ්පාදකයින් කිහිප දෙනෙකු සමග පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස