රටේ කිසි ම සහල් හිඟයක් නෑ….! අගෝස්තු ඉඳල හය මාසෙකට හාල් තියෙනවා…! – මහින්දානන්ද….

July 1, 2021 at 8:25 am | by emanisalk

රටේ කිසිදු සහල් හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

කෘෂිකර්ම අමාත්‍යංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය එක්ව ගොවීන්ගෙන් හොඳ මිලකට වී මිල දී ගන්නටත් එම නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට ලබා දෙන්නටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලය මගින් හෙට (01) සිට වී මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කරන බව ද කීය.

“යල කන්නයේ හෙක්ටයාර ලක්ෂ 5 කට වඩා ප්‍රමාණයක් වී වගා කොට තිබෙනවා. එයින් මෙට්‍රික් ටොන් විසි දෙලක්ෂ පනස් දහසක අස්වැන්නක් අප බලාපොරොත්තු වෙනවා. එයින් සහල් මෙට්‍රික් ටොන් 1462500ක් ලබාගත හැකියි. එවිට අගෝස්තුවේ සිට ඉදිරි මාස හයක් සඳහා අවශ්‍ය සහල් අප සතුව තිබෙනවා.

ඊට අමතරව දැනටත් මාස එකහමාරක් සඳහා අවශ්‍ය සහල් අප සතුව තිබෙනවා. ඒ අනුව ඉදිරියේ කිසිදු සහල් හිඟයක් ඇති නොවන බවත් මාස හත අටක් සඳහා අවශ්‍ය සහල් තොග අප සතුව තිබෙන බව කිව යුතුයි.”

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස