රටේ දිගුකාලීන තෙල් ගැනීමේ ගිවිසුම අවලංගු කරනු ලැබුවේ හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල බවට අමාත්‍ය මනූෂ නානායක්කාර චෝදනා කරයි.
හිටපු අමාත්‍යවරයා ඩොලර් ශත ගණනක ගැටලුවක් නිසා දිගුකාලීන තෙල් ලබා ගැනීමේ ගිවිසුම අවලංගු කර එදිනෙදා විවෘත වෙළඳපොළෙන් තෙල් ලබා ගැනීමේ ක්‍රමවේදයක් වෙත ගිය බවයි, ඇමැතිවරයා පෙන්වා දෙන්නේ.
රටේ මූල්‍ය අර්බුදයක් පවතින අවස්ථාවක ඇමැති ගම්මන්පිල ගත් අත්තනෝමතික තීන්දුව නිසා රටට තෙල් ලබා ගැනීම ගැටලුවක් වූ බව ද ඇමැති නානායක්කාර සඳහන් කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මේ බව ප්‍රකාශ කළේය.