රටේ ආර්ථිකේ හොඳ නෑ! භාණ්ඩාගාරේ සල්ලි නෑ! – ජනපති

August 18, 2019 at 3:28 pm | by emanisa.lk

රටක් වශයෙන් ශ්‍රී ලංකාව හොඳ ආර්ථික තත්ත්වයක නොමැති බවත් භාණ්ඩාගාරයේ මුදල් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මරදාන තනිකඩ භට නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.

“රටක් වශයෙන් ගත් කළ අපි හොඳ අර්ථික තත්ත්වයක නෙමෙයි අද ඉන්නේ. අපි හොඳ තත්ත්වයක ඉන්නවා නම් මේ ප්‍රශ්න විසඳීම කිසිසේත්ම ප්‍රමාද වෙන්නේ නෑ.

පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් හා දීමනා පිළිබඳව අපි කැබිනට් මණ්ඩලයේ අනුමත කළා. භාණ්ඩාගාරයේ තමයි ප්‍රමාදය තියෙන්නේ. භාණ්ඩාගාරයේ සල්ලි නෑ. ඒකයි ප්‍රශ්නය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස