රටේ ආර්ථිකය විතරක් නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදයත් බංකොලොත් වෙලා…! – විජයදාස රාජපක්ෂ…

August 20, 2024 at 5:15 pm | by emanisa.lk

රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය බංකොලොත් වී රට අරාජික වී ඇති බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ පවසයි.

මේ වන විට රටේ සියලු දේශපාලන පක්ෂ දිය වී නැතිභංගස්ථාන වී ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

1994 සිට බලයට පත් නායකයන් සමානුපාතික නියෝජන ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරන බවට පොරොන්දු වුව ද කිසිවෙකු එය ඉටු නොකළ බවට ද විජයදාස රාජපක්ෂ චෝදනා කළේය.

නාවල, විජයබා මාවතේ සිය නිවසේ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *