රටේ ආර්ථිකය රැක ගන්න ගිහින් තව පොඩ්ඩෙන් ඇමැතිකමත් නැති වෙනවා…! – එස්. එම්. චන්ද්‍රසේන…

April 27, 2023 at 5:46 pm | by emanisa.lk

පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා කඩා වැටුණු රටේ ආර්ථිකය කොවිඩ් හේතුවෙන් වසර එකහමාරක් පමණ වසා තැබීමට සිදුවීමෙන් වැටුණු ආර්ථිකයේ ඉතිරි ටිකත් නැතුව ගියේ වෛද්‍ය පාදෙණියගේ පොහොර කතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැවටීම නිසා බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

වෛද්‍ය පාදෙණිය ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් රසායනික පොහොර භාවිතයේ ප්‍රතිඵල ගැන පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරුන්ට ද දේශනා පැවැත්වූ නමුත් ඔවුන් පවසන දේ කළ නොහැකි බවට ජනාධිපතිවරයාට පැහැදිලි කළද ඉන් පලක් නොවූ බවයි, මන්ත්‍රීවරයා කියා සිටියේ.

එක් අවස්ථාවකදී පොහොර ප්‍රශ්නය ජනාධිපතිවරයා සමඟ කතා කරන්නට යාමෙන් තමන්ගේ අමතිකම ද අහිමි වීමට ගිය බව හෙතෙම කියා සිටියේය.

ඒ අනුව වෛද්‍යවරුන්ගේ වැරදි උපදෙස් නිසා අවසානයේ රටේ ආර්ථිකය කඩා වැටුණු බවත් මේ වන විට එම වැරැද්ද නිවැරදි කරමින් තිබෙන බවයි, එස්. එම්. චන්ද්‍රසේන පැවසුවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස