රටේ ආරක්ෂාව පාතාළය අතට ගනී! ජ්‍යෙෂ්ඨ ඇමතිවරු තිදෙනෙක් විශේෂ ආරක්ෂාව ඉල්ලති!

March 17, 2019 at 4:53 pm | by admin

අන්තවාදී ත්‍රස්ත කල්ලියකින් තමන්ගේ ජීවිතවලට දැඩි සේ තර්ජන එල්ල වී ඇතැයි කියමින් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් තිදෙනක් ආරක්ෂක අමාත්‍යංශයෙන් සහ පොලිසියෙන් සුවිශේෂ ආරක්ෂාවක් සපයන ලෙස ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

2009 වසරේදී උතුරේ යුද්ධය හමාරවීමෙන් පසු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ට මෙරටදී අන්තවාදී ත්‍රස්ත කල්ලියකින් තර්ජන එල්ල වී ඇතැයි චෝදනා නැගුණේ ප්‍රථම වරට බව ආරක්ෂක අංශ පවසයි.

මෙම ත්‍රස්ත කල්ලිය වෙතින් තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇතැයි කියන අමාත්‍යවරුන් තිදෙනාගේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ ආරක්ෂක ඇස්තමේන්තුවක් සකස් කිරීමට ආරක්ෂක මණ්ඩලයේ තර්ජන ඇස්තමේන්තු කමිටුව මේ දිනවල ක්‍රියාකාරමින් සිටී.

එහි වාර්තාව ලද වහාම අදාළ ඇමැතිවරුන්ට දැනට ලබාදී තිබෙන ආරක්ෂාව තවත් තර කෙරෙනු ඇතැයි වාර්තා වේ. මෙකී තර්ජන එල්ල වී ඇතැයි කියන අමාත්‍යවරු මහනුවර, කෑගල්ල හා පුත්තලම දිස්ත්‍රික්ක නියෝජනය කරන්නෝ වෙති.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ රටින් පළා ගොස් සිටි බොහෝ පාතාළ කල්ලි 2015 නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිය කටයුතු ආරම්භ කළ බව පසුගිය සමයේ වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *