රටේ ආරක්ෂාව ගැන සිතා කඩ වැසූ ව්‍යාපාරිකයින්ට ස්තූතියි….! – හමුදාපති…

August 19, 2021 at 3:37 pm | by emanisa.lk

සමහර නගරවල වෙළෙඳසල් ස්වෙච්ඡාවෙන් වැසුවත් ජනතාව වෙනත් ගම්වල වෙළෙඳ සල්වලට ගොස් බඩුමුට්ටු ගන්නේ නම් එම වැඩපිළිවෙළ ප්‍රායෝගික නොවනු ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

වෙළෙඳසල් හිමියන් වෙළෙඳසල් වසමින් මෙලෙස කටයුතු කිරීම ගැන ඔවුනට ප්‍රශංසාව පුද කරන බවත් මෙම වැඩපිළිවෙළ සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට ක්‍රියාත්මක විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

බොහෝ ප්‍රදේශවල කුඩා කුඩා ව්‍යාපාර කරමින් ජීවත්වන පිරිස් ගැන ද මේ අවස්ථාවේදී කල්පනා කළ යුතු බව යුද හමුදාපතිවරයා පැවසුවේය. තම තමන් ආරක්ෂා වීම, තම තමන්ගේ ගම බලාගෙන වැනි ක්‍රියාමාර්ගවලට යොමුවීම ඉතා වැදගත් බව පැවසූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රටේ ජනතාව තුළ එවැනි චින්තනයක් ඇති වීම සුබවාදී තත්ත්වයක් බවද ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස