රටේ ආදායම් උත්පාදනයට පාලකයන්ට වැඩපිළිවෙළක් නෑ…! – දිලිත් ජයවීර…

July 14, 2024 at 1:42 pm | by emanisa.lk

ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වරට රට ගොඩනැඟීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡා කරමින් ඇතැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

මෙතෙක් එය ඡන්දයක් ළං වන විට කිසිදා ඉටු නොකරන මැතිවරණ පොරොන්දු පිළිබඳ කතාවකට සීමා වී තිබූ බවයි, ඔහු සඳහන් කළේ.

එහෙත් සිය පක්ෂ උපායමාර්ගික වැඩපිළිවෙළහි යම් යෝජනාවක් ඇත්නම් ඒ සඳහා අරමුදල් සම්පාදනය කර ගන්නා ආකාරය මෙන්ම එමගින් ජන ජීවිතයට සිදුවන බලපෑම ද පැහැදිලිව දක්වා ඇතැයි දිලිත් ජයවීර පෙන්වා දෙයි.

රට හමුවේ ඇති ණය අර්බුදයෙන් මිදීමට නම් රටේ ආදායම් ඉහළ නංවා වියදම් අඩු කර ආදායම් උත්පාදනය කළ යුතු බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් ඇත්තේ සිය පක්ෂයට පමණක් බවත් දිලිත් ජයවීර අවධාරණය කරයි.

ඊයේ (13) මහනුවර පැවැති මව්බිම ජනතා පක්ෂයේ උපායමාර්ගික වැඩපිළිවෙළ වන ‘සතුටු දැයක් ව්‍යවසායකත්ව රාජ්‍යයක්’ පළමු කෙටුම්පත පිළිබඳ විද්වත් සමුළුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *