රටේ අනාගත නායකයාගේ චරිතය ඝාතනය කරනවා! – එජාප පසුපෙළ අධිකරණයට

March 5, 2019 at 6:37 am | by admin

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ චරිතය ඝාතනය වන අයුරින් අසත්‍ය චෝදනා එල්ල කර තිබීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා ඇතුළු පිරිසකට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පවසති.

බොරැල්ල තිලකරත්නාරාමයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුජිබුර් රහුමාන්, තුෂාර ඉඳුනිල්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩිදුරටත් සඳහන් කළේ නීතිඥවරුන් මගින් ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

නිවාස ඉදිකරමින් ජනතා ප්‍රසාදයට පත්වෙමින් සිටින සජිත් ප්‍රේමදාස මහතා රටේ අනාගත නායකත්වය බාරගැනීමට සූදානමින් සිටියදී ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමට අවශ්‍ය වී ඇතැයිද මුජිබුර් රහුමාන් පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජපක්ෂලාගේ දේශපාලනයට අභියෝග කරමින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට යෑම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් තැතිගැන්මකට ලක්වී සිටින බවද හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස