රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට තමා කිසිම ඉඩක් නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා අවධාරණය කළේ, රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවයි.
එම ගමනට එක්වන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
“මේ රටේ අනාගතය දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රය අනුව සකස් කරන්න බැහැ. ඊට මම ඉඩ දෙන්නේ නැහැ. රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතුයි. නැත්නම් මේ රටට අනාගතයක් නැහැ. ආඩම්බර ජාතියක් ලෙස අප ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අප රට තුළ වෙනසක් කළ යුතුයි. බොරු පොරොන්දු දී ඵලක් නැහැ.
දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රයට රට හදන්නේ නැහැ. රටේ න්‍යාය පත්‍රයට දේශපාලනඥයන් කටයුතු කළ යුතුයි. ඒ නිසා අප සමග එක් වී ඉදිරියට යමු කියා මම සජිත් ප්‍රේමදාස මහත්මයාට මෙන්ම අනුර දිසානායක මහත්මයාට ආරාධනා කරනවා. අපි සියනුදෙනා එකතුවෙලා ඒ ගමන යමු.”
ඔහු මේ බව පැවසුවේ කඩවත බස් නැවතුම්පොළ අසලදී අද (21) පස්වරුවේ පැවති “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන රැලිය අමතමිනි.