සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය තමන් බලයට පත්වුවහොත් පාස්කු ප්‍රහාර ප්‍රශ්නය විසඳන ආකාරය පිළිබඳ වැඩපිළිවෙළක් තමන් වෙත භාර දී ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි.
කාදිනල්තුමා සඳහන් කළේ, වෙනත් කිසිදු පක්ෂයක් එලෙස සිය වැඩපිළිවෙළ තමන්ට භාර දී නැති බවයි.
මේ රටේ අනාගතය තීන්දු කරන්නේ අපි අපිම බව කතෝලිකයන් ලෙස සිහියේ තබා ගත යුතු බවත් ඉදිරි මැතිවරණයක දී එම පක්ෂ දෙක හැර වෙනත් කිසිදු පක්ෂයකට ඡන්දය ලබා නොදෙන ලෙසත් එතුමා කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
උත්සව සභාවක් අමතමින් කාදිනල්තුමා මේ බව කියා සිටියේය.