රටේ අනාගතය ඉතා ම භයානකයි…! අපේ සංචිත මිලියන 50ට බැහැලා…! අර්බුදය ගැන කිසිවෙකුට තක්සේරුවක් නෑ..! – සබ්‍රි…

May 4, 2022 at 12:53 pm | by emanisa.lk

මේ වන විට ලංකාවේ ද්‍රවශීලී සංචිතය මිලියන 50ක්වත් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්රි පාර්ලිමේන්තුවේදී පැවසීය.

“අවුරුදු දෙකකින්වත් මේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න හැකි වේ යැයි මම නම් හිතන්නේ නැහැ. අවුරුදු දෙකකින් ප්‍රශ්න විසඳන්න හැකි වේද අවුරුදු දහයක් දොළහක් ගත වේ දැයි යන්න තීරණය තිබෙන්නේ අපේ අතේමයි.

බදු වැඩි විය යුතු කාලයක අප බදු අඩු කළා. එය ඉතිහාසයේ වරදක් බව මා පිළිගන්නවා. බිලී පිත්තක් දෙනවා වෙනුවට මාළුවෙක් දීමේ අවසන් ඵලය දැන් අප භුක්ති විදිනවා. මේ වන විට මෙරට ද්‍රවශීලී සංචිතය මිලියන 50ක්වත් නැහැ.

හැබැයි ගිය අවුරුද්ද දෙකේ බිලියන 8 ක ණය ගෙවා තිබෙනවා. පසුගිය වසර වන විට වන විට සංචාරක ආදායම මිලියන දෙසීය දක්වා කඩා වැටුණා. කොරෝනා නිසා ප්‍රශ්න රාශියක් ඇති වුණා. මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුව තිබුණා.

සියලු රජයයන් යැපුම් මානසිකත්වය මත කටයුතු කළා. මෙ කාලයක් තිස්සේ ණය බරිත කිරීමේ ප්‍රතිඵලයයි. අපේ කාලයේත් වැරදි ප්‍රතිපත්ති මේ තත්ත්වය ඇති වීමට උදව් කළා.

ආර්ථික අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර නොගතහොත් භයානක උවදුරක් ඇති විය හැකි බව ද මේ වන විට හිඟයට පමණක් සීමා වී ඇති මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉදිරි කාලය තුළ දී සහමුලින්ම රටට නැතිව යනු ඇති බවට ද ඔහු අනතුරු අඟවයි.

මේ වන විට රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයේ දිග පළල තවමත් පාර්ලිමේන්තුවේ සිටින 225 හෝ මේ රටේ ජනතාව හරියාකාරව අවබෝධ කරගෙන නොමැති බව ඔහු පවසයි.

පක්ෂ පාටවලට බෙදී සටන් කරනවා වෙනුවට කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය නගා සිටුවීම සඳහා යම් ප්‍රමාණයකින් හෝ දායකත්වය දැක්වීමට සියලු පක්ෂවලට ජාතික වගකීමක් තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ වාර්තාව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදා දීමට කටයුතු කර තිබෙන බවත් නිදහසින් පසු බරපතළම ආර්ථික අර්බුදයට රට මුහුණ දෙමින් සිටින බවත් මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස