විවිධ දේශපාලන කණ්ඩායම් ඉදිරි ජනාධිපතිවරණයේ දී තම සහය හිමි බවට සිදුකරන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.
බොහෝ පාර්ශ්ව සිය සහාය ඉල්ලා සිටිය ද මෙවර ජනාධිපතිවරණයේ දී තමන් මධ්‍යස්ථව සිටින බවයි, ඇය ප්‍රකාශ කළේ.
කිසිදු දිනක අපේ රටේ ඉරණම අද වැනි අවිනිශ්චිත සහ අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී නොමැති බවත් සියලු ඡන්දදායකයන් මෙම තත්ත්වය පිළිබඳ බැරෑරුම් ලෙස කල්පනා කොට ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත් චන්ද්‍රිකා කුමාරතුංග නිවේදනක් නිකුත් කරමින් අවධාරණය කරයි.