රටම සූදානම්! අපේ ජනපති අපේක්ෂකගේ පුරවැසි ගැටලු නිමයි!

January 30, 2019 at 7:52 am | by admin

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 28ක් එක්ව පිහිටුවන නව සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් හා ඔහුගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පැවැති ගැටලු සියල්ල මේ වන විට නිරාකරණය කර ගැනීමට හැකි වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධාන සියල්ල පිහිටුවා අවසන් කිරීමෙන් පසුව නියමිත වෙලාවට නියමිත පුද්ගලයා අපේක්ෂකයා ලෙස කරළියට පැමිණීමට සූදානම් බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

කිසිදු බෙදීමක් නොමැතිව ඉදිරියේදී පොහොට්ටුව කටයුතු කරන ආකාරය සියලු දෙනාට දැක බලාගත හැකි බවද ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස