රටම ඉල්ලූ ගෝඨාගේ විනය රටටම ලැබෙයි! ජනතාවට දුන් පොරොන්දුව අකුරටම ක්‍රියාත්මකයි! සියලු පෝස්ටර් කටවුට් ඉවත් කෙරේ!

August 20, 2019 at 1:40 pm | by emanisa.lk

තමන්ගේ රුව ප‍්‍රදර්ශනය කරමින් දිවයින පුරා ප‍්‍රදර්ශනය කර තිබෙන කටවුට් සහ බැනර් සියල්ලම වහාම ගලවා ඉවත්කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සියලුම සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ.

පොලිතීන් හා ප්ලාස්ටික්වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කරන බවට ගෝඨාභය රාජපක්‍ෂ පක්‍ෂ සම්මේලනයේ දී ජනතාවට පොරොන්දු විය. ඔහු මේ බව දැනුම්දී තිබෙන්නේ ඒ අනුවය.

එම පොරොන්දුව තම මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රතිපත්තියක් බැවින් ඉදිරියේදී තමන්ගේ රුව සහිත බැනර් හා කටවුට් ප‍්‍රදර්ශනය කිරීමෙන් වැළකී පරිසර හිතකාමීව මැතිවරණ ව්‍යාපාරයේ නිරතවිය යුතු බවට ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සියලුම සංවිධායකවරුන්ට දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස