රටම අඳුරේ ගිල්වන විදුලි මාෆියාව මෙන්න! විදුලිබල ලොක්කෝ මෙ.වො. 1600ක ව්‍යාපෘති යට ගහලා!

April 7, 2019 at 12:22 pm | by admin

රාජ්‍ය ආයතන සතුව ඇති මෙ.වො. 200ක විදුලි ජනක යන්ත්‍ර යොදා ගැනීමට සහ මෙ.වො. 1400ක සුළං විදුලි ජනනය සඳහා යොමු කළ අයඳුම්පත් 650ක ප්‍රමාණයකට අවසර නොදීම වර්තමාන විදුලි අර්බුදයට මූලික හේතුව බව අනාවරණය වෙයි.

ජාතික ජල සම්පාදන මණ්ඩලය (මෙ.වො.35), වරාය(මෙ.වො.16), ආරක්ෂක අංශ(මෙ.වො.17), මහ බැංකුව (මෙ.වො.04), ලංකා බැංකුව(මෙ.වො.05), කටුනායක ගුවන්තොටුපළ (මෙ.වො.05) විශ්සවවිද්‍යාල (මෙ.වො.04) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය(මෙ.වො.08) ආදී ආයතන සතු විදුලි ජනක යන්ත්‍රවලින් මෙ.වො. 200 හිලව් පදනම යටතේ ලබා ගත හැකි අතර 2016 සහ 2018 ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබේ.

මීට අමතරව මෙ. වො. 1400 සුළං විදුලි බලාගාර පිහිටුවීම සඳහා 2016 වසරේ අයඳුම්පත් 650ක් යොමු කර තිබුණ ද ඒ සඳහා මෙතෙක් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට විදුලිබල මණ්ඩල බලධාරීන් කටයුතු කර නොමැත. මෙම විදුලි ජනන ව්‍යාපෘති සඳහා අවසර ලබා දුන්නේ නම් වර්තමාන විදුලි අර්බුදය පැන නොනඟියි. එහෙයින් හදිසි මිල දී ගැනීම් ලෙස අධික මිලට විදුලිය මිල දී ගැනීමට සිදුවන්නේ නැත.

විදුලිබල මණ්ඩලය සාමාන්‍යයෙන් රු. 18කට පමණ විදුලි ඒකකයක් නිපදවන අතර පෞද්ගලික අංශයෙන් ඒකකයක් මිලයට ගන්නේ රු. 30-40ක පමණ මිල ගණන් යටතේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස