රටම අක්‍රීය කළ විදුලිය බිඳ වැටීම වැඩ බැරි ආණ්ඩුවේ ශේෂ පත්‍රයයි!

March 18, 2019 at 9:26 pm | by admin

විදුලි ඉල්ලුමට සරිලන සැපයුම් ධාරිතාව මහින්ද යුගයෙන් පසු වැඩි නොකිරීමේ විපාක අපි ගෙවමින් සිටිමු. නොරොච්චෝලේ බලාගාරය පට්ට ගැසූ වත්මන් ආණ්ඩුව හා එහි අනුගාමිකයින් පසුගිය කාලය පුරාම එකදු නව විදුලි බලාගාරයක් හෝ රටට දායාද කිරීමට සමත් වූයේ නැත.

විටෙක දැඩි වෙහෙසකාරි ක්‍රියාකාරීත්වය නිසා ම අද දින නොරොච්චෝලේ බලාගාරය අක්‍රියවන විට එය ජාතියට සපයමින් තිබූ විදුලිය මුළු විදුලි ඉල්ලුමෙන් 48%ක් තරම් වූ ඔබ දන්නේ ද? දුර දිග බලා මහින්ද ආණ්ඩුව ඉහළ කොත්මලේ හා නොරොච්චෝලේ වැනි බලාගාර නිර්මාණය නොකරන්න⁣ට අප⁣⁣ට අද දවසින් අඩකට වඩා අඳුරේ සිටීමට සිදුවනු ඇත.

අද අත්‍යාවශ්‍ය සේවාවකට හෝ නොරොච්චෝලය වසා දැමිය නොහැක. එසේ කළ හොත් රට අඳුරේ ය. රටකට අන්තර්ජාතික ගුවන්තොට දෙකක් තිබිය යුතු සේම බල ශක්තිය සපයන විකල්ප ප්‍රභවයක් ද තිබිය යුතු ය. වත්මන් ආණ්ඩුව සාම්පූර් අවලංගු කොට දැම්මේ එවැනි පසුබිමක ය.

මත්තල ගැන අද මහින්දට බණින පිරිස් කටුනායක හදිසි තත්ත්වයකදී අපට ඉන්දියාවට යාමට සිදුවන බව සිතන්නේ නැත. දැක්මක් සහිත ප්‍රායෝගිකව වැඩ කරන හා ප්‍රශ්නවලට විසඳුම් දෙන මහින්දගේ හා කටින් බතල හිටවන සිරිසේනගේ හා රනිල්ගේ වෙනස තේරුම් ගැනීමට මෙරට පොදු ජනයාට දැන් වුව නොහැකි නම් එවැනි රටක් සංවර්ධනය කර තේරුමක් නැත.

මහින්ද පතිරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *