රටපුරා ආයුධ ප්‍රවාහනය කළ ඉස්ලාම් පූජකයන් දෙදෙනෙක් උලමා හැඳුනුම්පත් සමග අල්ලයි!

May 1, 2019 at 12:19 pm | by admin

කොළඹ ඇතුළු පළාත් කිහිපයකට ආයුධ ප්‍රවාහනය කළ ඉස්ලාම් පූජකයන් දෙදෙනෙකු කුරුණෑගල නාරම්මල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් නිකුත් කරන ලද රාජ්‍ය ලාංඡනය ද සහිත හැඳුනුම්පත් දෙකක් හමුවී තිබේ.

රාජ්‍ය නොවන ආයතනයක් විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පතක් සඳහා රාජ්‍ය ලාංඡනය භාවිත කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති අතර මේ සඳහා රජයේ විශේෂ අවසරයක් ලබා ගත යුතුය. එවැනි අවසරයක් උලමාවරුන්ට තිබේද යන්න ගැටලු සහගතය.

කෙසේ වුවද මෙම ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ සිට උලමා සභාව ඊට එරෙහි බවත් ඉස්ලාමය ත්‍රස්තවාදයට සම්බන්ධ නැති බවත් ප්‍රහාරකයන් ත්‍රස්තවාදීන් බවත් පැවසීය. එම ත්‍රස්තයන්ගේ දේහ සිය පල්ලිවල භූමදාන කිරීමට ඉඩ ලබා නොදෙන බවට ද සපථ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස