රටට හිතැති නව දේශපාලන බලවේගයක්..! විමල් පිළ සහ ශ්‍රිලනිපයෙන් අලුත් සන්ධානයක්…!

January 2, 2022 at 8:48 am | by emanisa.lk

නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.

මේ වන විටත් ආණ්ඩුව නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා කම්කරු පක්‍ෂය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්‍ෂ කිහිපයක් සමග මූලික වටයේ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඇමැතිවරයා අනාවරණය කළේය.

නව වසර මුල ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ හා ජාතික බලවේග සමග සාකච්ඡා ආරම්භ කරන බවත් පැවසූ ඇමැති අමරවීර, 2022 වසරේ සිට රටට හිතැති නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සඳහා කඩිනමින් සැලසුම් සකස් කරන බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *