රටට විදුලිය දෙන්න සුරේන් බටගොඩ කැමතිම විකල්පයට යයි! ඩුබයි සහ තුර්කියෙන් විදුලිය ගේන්න සූදානම්!

April 5, 2019 at 6:46 am | by admin

ඩුබායි සහ තුර්කි සමාගම් දෙකක පාවෙන බලාගාරවලින් මෙරට විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ පවසයි.

වියළි කාලගුණික තත්ත්වය නිසා ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී ගොස් ඇති මෙගාවොට් 250ක් පමණ පියවා ගැනීම සඳහා විකල්ප යෝජනය ඉදිරිපත් කරන ලෙසට විදුලි බල අමාත්‍යාංශය පසුගියදා දැන්වීම් පළකර අතර ඩුබායි සහ තුර්කි සමාගම් දෙකක් පාවෙන බලාගාරවලින් මෙරට විදුලි අවශ්‍යතාව සපුරාලීමට යෝජනා ඉදිරිපත් කර තිබෙි.

සුරේන් බටගොඩ වැඩිදුරටත් සඳහන් කළේ, කැබිනට් අනුමැතිය හිමි වුවහොත්, පාවෙන බලාගාර දික්ඕවිට ප්‍රදේශයේ ස්ථාපිත කර ජාතික විදුලි පද්ධතියට සම්ප්‍රේෂණය කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස