රටට ම ඇඳුම් සපයන්න අපට පුළුවන්…! ආනයන සීමා අපට දිරිගැන්වීමක්….!

September 12, 2021 at 9:03 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඇඟළුම් මෙරට භාවිතය සඳහා හොඳට ම ප්‍රමාණවත් බව සෙත්වින් ආයතනයේ ටානියා අබේසුන්දර පවසයි.

යට ඇඳුම් පමණක් නොව සියලු ඇඳුම් මේ රටේ අවශ්‍යතාව 100%ක් දේශීය නිෂ්පාදන මගින් සැපිරිය හැකි බව ඇය අවධාරණය කරයි.

කිසිදු රටක් භාණ්ඩ ආනයනය කර දියුණුව කරා යා නොහැකි බවත් ලංකාවේ නිෂ්පාදන දිරිගැන්වීමට කටයුතු කළ යුතු බවත් ටානියා අබේසුන්දර පෙන්වා දෙයි.

රටේ නිෂ්පාදන දිරිගන්වන ආනයන සීමා කඩාකප්පල් කිරීමට නොව දිරිගැන්වීමට කටයුතු කළ යුතු බව ද ඇය සඳහන් කරයි.

ඊයේ (11) මාධ්‍ය හමුවක් අමතමින් ටානියා අබේසුන්දර මේ බව ප්‍රකාශ කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *