රටට හෙණ ගැහුවත් අපට කමක් නෑ! පෝස්ටරේ තමයි බලවත්! අපි පන්සලේ තාප්පෙත් පෝස්ටර් ගහනවා! ඉස්කෝලේ තාප්පෙත් කටවුට් ගහනවා! – ලාල්කාන්ත (video)

September 19, 2019 at 10:15 am | by emanisa.lk

ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක සමග ඉදිරියට යාම සඳහා තම පක්ෂය පෝස්ටර් කටවුට් ගසන බවත් අත් පත්‍රිකා බෙදන බවත් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි. පෝස්ටරය තරම් ප්‍රබල ප්‍රචාරණ මාධ්‍යයක් නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

“අපේ සහෝදර සහෝදරියෝ පෝස්ටර් ගහන්නේ නැත්නම් කටවුට් ගහන්නේ නැත්නම් වෙන මොනවාද අපි කරන්නේ? දැන් අපට පෝස්ටර් ගහන්න එපා කියලා කියන්නේ. නෑ අපි ගහනවා.

අපි පන්සලේ තාප්පේ පෝස්ටර් ගහනවා. ඉස්කෝලේ තාප්පේ ගහනවා. අපි කටවුට් ගහනවා. අත්පත්‍රිකා බෙදනවා. මොනවා තිබ්බත් පෝස්ටරය තරම් පත්‍රිකාව තරම් එකක්වත් බලවත් නෑ.”

එළඹෙන ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය පරිසර හිතකාමී ලෙස පොලිතීන් පෝස්ටර් කටවුට්වලින් තොරව ක්‍රියාත්මක කරන ලෙස බොහෝ පාර්ශවවලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ අවස්ථාවේ එම ඉල්ලීම කළේය. එසේම පැෆරල් සංවිධානය මෙන්ම පරිසර සංවිධාන ඇතුළු විවිධ සිවිල් සංවිධාන මෙම ඉල්ලීම කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස