රටට ඩොලර් සොයන සටනටත් හමුදාව…! හමුදා නිලධාරීන් 226ක් මාලි රටේ UN රාජකාරියට…!

May 7, 2022 at 8:16 pm | by emanisa.lk

විදේශ විනිමය (ඩොලර්) උපයා ගැනීමේ අරමුණෙන් යුදහමුදා භටපිරිස් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා වැඩි වශයෙන් යෙදවීමට අපේක්ෂා කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 226 දෙනකු බටහිර අප්‍රිකානු දේශයක් වන මාලි රාජ්‍යයට පසුගියදා පිටත්කර යැවූ බව සඳහන් කළ යුද හමුදාපතිවරයා එමගින් ලොකු විදේශ විනිමයක් උපයා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද පැවසුවේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙජිමේන්තු දොළහකට අයත් මෙම 226 දෙනාට නිලධාරීන් 18 දෙනෙක් සහ සෙසු නිලයන්ට අයත් සාමාජිකයෝ 208 දෙනෙක් ඇතුළත් විය. සාමසාධක රාජකාරි සඳහා ඉදිරියේ දී තවත් රටවලින් අවස්ථාව ලැබෙනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය.

මෙයට අමතරව යුදහමුදාව නිශ්පාදනය කරන විවිධ උපකරණ විදේශයන්ට වැඩි වශයෙන් විකුණා විදේශ විනිමය ඉපයීමටද අවධානය යොමුවී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *