මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විසි ලක්ෂයේ සංචාරකයා පිළිගැනීම සඳහා අද (26) පෙරවරුවේ උත්සවයක්ද සංවිධානය කළ බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කරයි.
මේ වසරේ ආරම්භයේ සිට දෙසැම්බර් 22 වැනිදා දක්වා මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,966,256ක් වේ.
මේ වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් එනම් 399,224ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර රුසියාවෙන් සංචාරකයින් 189,289ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.
බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 172,404ක්ද, ජර්මනියෙන් 131,379ක් ද චීනයෙන් 120,268ක් ද ප්‍රංශයෙන් 86,440ක්ද මේ වසරේ ගතවු කාලය තුළ දිවයිනට පැමිණ තිබේ.
මේ අතර වසර අවසන් වන විට සංචාරකයින් ලක්ෂ 21 ආසන්න පිරිසක් දිවයිනට පැමිණෙනු ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ වැඩි දුරටත් සඳහන් කරයි.