බංකොලොත් මට්ටමේ පහළට ම වැටුණු යහපාලන ආණ්ඩුව එදා හැකි තරම් ණය ගත්තත් ඉන් කළ දෙයක් නැති බව අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (25) ප්‍රකාශ කළේය.
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද නව ගුවන් යානා අංගණය හා උප ධාවන පථය විවෘත කරමින් අගමැතිවරයා මේ බව පැවසීය.
මෙරට දෙවැනි විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වූ ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යෘපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට අපොහොසත් වූ පසුගිය ආණ්ඩුවට සංවර්ධන සැලසුමක් හෝ සංවර්ධන ඉලක්කයක් නොතිබුණු බව පෙන්වා දුන් අගමැති රාජපක්ෂ සඳහන් කළේ විවෘත කළ ගුවන්යානා නැවතුම් අංගණයේ මුල් සැලසුමේ තිබූ නෙළුම් පෙත්තක හැඩය ගත් වහලය වෙනුවට ශාක පත්‍රයක හැඩයෙන් වහලය සැකසීමේ සැලසුමට පමණක් රුපියල් මිලියන 661ක අතිරේක වියදමක් දරා ඇති බවයි.
අනාගත පරපුරට ප්‍රතිලාභ ලැබෙන පරිදි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට තම ආණ්ඩු බලයට පැමිණි සෑම අවස්ථාවකදීම කටයුතු කළ බවත් ආසියාවේ කේන්ද්‍රීය ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී තවත් වසර 20ක් එහා අනාගතයේ ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ ද සැලකිලිමත් වූ බවත් මෙහිදී අගමැතිවරයා පැවසීය.