දැන් අපේ රටට අවශ්‍ය ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“අපේ රටේ වෙනසක් සිදුකළ යුතු බවට සාකච්ඡාවක් කාලයක පටන් පවතිනවා. ඒ වගේම වෙනස පිළිබඳව විශාල කඩිමුඩියකුත් තිබුණා. 2019 විශාල ජනවරමකින් බලයට පත්කර ගත් ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 05ම බලයේ ඉන්න නොදී මේ රටේ ජනතාව විසින් පළවා හැරියේ වෙනසක් අවශ්‍ය නිසා..
මන්ත්‍රීවරු බාර් ලයිසන් බෙදාගෙන එක ලයිසන් එකක් කෝටි තුනකට විකුණනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරු විතරක් නොවෙයි, සජිත් ප්‍රේමදාසගේ මන්ත්‍රීවරුන්ටත් රනිල් වික්‍රමසිංහ බාර් ලයිසන් දුන්නා. පෙට්‍රල් ෂෙඩ් බෙදා දුන්නා. ඒ ලයිසන් විකුණා ගන්නවා. විමධ්‍යගත අරමුදල් කියලා ස.ජ.බෙ. මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 120ක් බෙදා දුන්නා. මහින්දගේ ආණ්ඩුවේ නම්, බෙදා ගත්තේ මහින්දගේ කට්ටිය පමණයි. නමුත් රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගයේ අයටත් බෙදනවා.
එයා රට යනකොට, සමගි ජන බලවේගයේ අජිත් මාන්නප්පෙරුම එක්ක ගෙන ගියා. පොළොන්නරුවේ කින්ස් නෙල්සනුත් අරන් ගියා. අනුරාධපුරයේ ඉෂාක් රහුමානුත් අරගෙන ගියා. වෙනදා එක පැත්තකින් නාස්ති කළේ. දැන් දෙගොල්ලෝම එකතු වී වියදම් කරනවා. ආර්ථිකයේ වැදගත් මර්මස්ථාන සියල්ලම විකුණමින් යනවා.
කබීර් හෂීම් මන්ත්‍රීවරයා රනිල්ගේ පැත්තට යනවා කියලා විශාල සාකච්ඡාවක් ගියා. රනිල් වික්‍රමසිංහ කබීර් හෂීම්ගේ නමට හන්තානයෙන් අක්කර 12කට වැඩි ඉඩමක් දුන්නා. නමුත් දැන් රනිල්ගේ පිලට එන්නේ නැහැ වගේ. ඒ නිසා දුන්නු ඉඩම කැන්සල් කරන්න උත්සාහ කරනවා. මම නැවත නැවත කියන්නේ මේ කැත දේශපාලනය වෙනුවට, සැලුන් දොරවල් තිබෙන අම්බලන් වගේ පක්ෂ වෙනුවට ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ඕනෑ.
අපේ පක්ෂයේ ඉඳලා කට්ටියක් ගියා, කවදාවත් අපේ පක්ෂයේ දොරටු ඒ ගොල්ලන්ට විවෘත වෙන්නේ නැහැ. සැලුන් දොරවල් වගේ පක්ෂ තියෙන්න බැහැ. අපේ රටේ තියෙන එකම ප්‍රතිපත්තිගරුක පක්ෂය ජාතික ජන බලවේගය පමණයි. ප්‍රතිපත්ති දිනවන, ප්‍රතිපත්තිගරුක, ආණ්ඩුවක් ඕනෑ නම්, ඒ සඳහා තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විතරයි.
ජනතාව අපේක්ෂා කරන වෙනස අපේ ආණ්ඩුවකින් අපි සිදු කරනවා. මේ දවස්වල වංචා, දූෂණ ගැන යටිගිරියෙන් කෑගහන සජිත් ප්‍රේමදාසගේ එක පැත්තක ඉන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල. අර්ජුන ඇලෝසියස්ගෙන් ලක්ෂ 30ක් අරගෙන බැඳුම්කර වංචාවක් වුණේ නැති බව කියන සුජීව සේනසිංහ තව පැත්තකින්. මහ බැංකු හොරකමෙන් බෙදා ගත්තා විතරක් නොවෙයි, පොත් ලියන්නත් සල්ලි ගත්තා.
හොරකම් නතර කරනවා කියන සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදල, නිවාස සංවර්ධන අරමුදල, සහ සමෘද්ධි අරමුදල කියන අරමුදල් කාබාසිනියා කළා. හොරකම් නතර කරන්න වගේම වෙනසක් ඕනෑ නම්, එය ගේන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි. මහ ජනයාගේ දේපළ හොරකම් කළ අයට, දඬුවම් දෙන ඒ දේපළ නැවත පවරා ගන්න පාලනයක් ඕනෑ නම්, එය කරන්නේ ජාතික ජන බලවේගය පමණයි.”
ජාතික ජන බලවේගයේ ගම්පහ, තිහාරිය ජනහමුව අමතමින් අනුර දිසානායක මේ බව ප්‍රකාශ කළේය.