රටට ඕන ජනතාවගේ ආරක්ෂාව ගැන හිතන නායකයන් මිස‍ ආරක්ෂකයෝ මැදින් බුලට් පෘෆ් කාර්වල යන බයගුල්ලෝ නෙමේ! – ඒ.ටී. ආරියරත්න

May 5, 2019 at 4:28 pm | by admin

අද රටේ සිටින්නේ තුන් හාරසියයක් ආයුධ මැදින් ගමන් කරන බයගුල්ලන් බවත් මහ ජනතාව අතරට නොපැමිණෙන එවැනි නායකයන් රටට වැඩක් නැති බවත් ආචාර්ය ඒ.ටී. ආරියරත්න පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.

අද නායකයන් සිතන්නේ ජනතාවගේ ආරක්ෂාව නොව තම ආරක්ෂාව යැයි හෙතම පවසයි. තමාට වෙඩි නොවදින කාර් දෙකක් ඇති නිසා තව නායකයෙකුට එකක් යවන නායකයන් නොව ජනතාවගේ ආරක්ෂාව ගැන සිතන නායකයන් රටට උවමනා යැයි ඔහු පෙන්වා දෙයි.

කඩු ගෙනාවේ තණකොළ කපන්න යැයි පවසන ආකාරයේ මේ රටේ බලය අල්ලා ගෙන සිටින දේශපාලකයන් ඉල්ලා අස් නොවන්නේ නම් මෙවැනි අවස්ථාවක අවම වශයෙන් කට පියාගෙන සිටිය යුතු යැයි හෙතෙම පවසයි. මෙවැනි අවස්ථාවක රටේ ආරක්ෂක කටයුතු ආරක්ෂක අංශවලට පවරා නිහඬ වීම දේශපාලකයන්ගේ වගකීම ද බවද හෙතෙම පෙන්වා දුන්නේය.

තමන්ට බලය තිබිණි නම් අගවිනිසුරුගේ අධීක්ෂණය යටතේ රටේ සියලු ආරක්ෂක කටයුතු හමුදාවට භාරදෙන බව ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස