රටට උවමනා මිරිස් රටේ ම වවයි…! පිට රටින් මිරිස් ගේන ඒම නතර වෙයි….!

July 28, 2021 at 1:37 pm | by emanisa.lk

ඉදිරි වසර තුන තුළ මිරිස් ආනයනය නතර කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔහු මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනාගාරය නිරීක්ෂණයට ගොස් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 2000ක් තෝරා ගෙන පවුල් 1000ක අපි මිරිස් වගා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ වෙන කොට සියයට 100ක් මිරිස් ආනයනය කරනවා ලංකාවට.

ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව ඉදිරි වසර තුන තුළ මේ මිරිස් ආනයනය සම්පූර්ණයෙන් නවත්වන්න. ඒ නිසා දිස්ත්‍රික්ක 7ක් හඳුනාගෙන තියෙනවා. ඒකෙන් එකක් අනුරාධපුර.

අපි පවුල් 1000ක් හඳුනාගෙන අක්කර භාගේ බැගින් මිරිස් වගා කරනවා. මේ ගොවියෙකුට ලක්ෂ තුනහමාර බැගින් ආධාර ලබාදෙනවා. මේ එක් ගොවියෙක් මාසයකට රු 150,000ක ආදායමක් ලබනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *