රටට ආදරේ කරන අලුත් පාලනයක් අවශ්‍යයයි…! – රංජන් රාමනායක…

August 29, 2024 at 9:51 am | by emanisa.lk

රටේ සිටින බහුතරයක් දේශපාලනඥයන් හොරු බවත් ඒ අයට රට හෝ ජනතාව හෝ ගැන කැක්කුමක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසයි.

තමුන්ගේ බඩගෝස්තරය හොයාගන්න ඕනෑ වැඩක් කරනවා. ඒ නිසා මේ යන ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ. රටටත් ජනතාවටත් හදවතින්ම ආදරය කරන අලුත් පාලකයෙක් අපට අවශ්‍යයයි.

දේශපාලනය ගැන කතා කරන්න එපා කියල මට අධිකරණයෙන් වාරණයක් දාල තියන නිසා ඒ ගැන මට කතා කරන්න බැහැ. හැබැයි මේ යන ක්‍රමය හැමෝටම පේන්න දකින්න තියනවනේ. බහුතරයක් දේශපාලනඥයො මේ ඡන්දය ආදායම් මාර්ගයක් කරගෙන ඉන්නේ.

එහෙට මෙහෙට පක්ෂ මාරු කර කර පනින එකෙන්ම ඒක පේනවා. බොහෝ දේශපාලනඥයො දන්නවා මේ අයගෙ අවසන් මැතිවරණය බව. ඒ නිසා බොහෝ අය කරන්නෙ මේ වෙලාවෙ වැඩිපුර මුදලක් හොයාගෙන තමන්ගේ ගොඩ වැඩිකර ගන්න හදන එක.

මේ අයට රට ගැනවත්, දුක් විඳින ජනතාව ගැනවත් කැක්කුමක් නැහැ. හැමදාම මිනිස්සු රැවටුණා. තවදුරටත් මිනිස්සු රැවටෙන්න ඕනේ නැහැ.

අලුත් විදිහට හිතන, රටට මිනිස්සුන්ට ආදරේ කරන, හොරෙක් නොවන නායකයකුගේ අවශ්‍යතාව අපට තියනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *