රටට අවුල් ජාලයක් වෙයි! අලි මදිවට කොටි! උතුරේ කොටි සංහාර සතියත් ඇරඹෙයි!

May 13, 2019 at 6:51 pm | by admin

යුද්ධය හේතුවෙන් මිය ගිය උතුරු නැගෙනහිර සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ජන සංහාර සතියක් නම්කොට උතුරු නැගෙනහිර ස්ථාන කිහිපයකදී ඔවුන් සිහිපත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසයි.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ජන සංහාර සතිය ඊයේ (12) දිනයෙන් ආරම්භ කරමින් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි යුද්ධය හේතුවෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් මල් පහන් දල්වා මිය ගිය වැසියන් සැමරීමට සහභාගී වූ අවස්ථාවේදීය. මැයි 12-08 වෙනිදා දක්වා ජන සංහාර සතිය ලෙස නම් කර තිබේ.

රටේ පවතින අයහපත් ආරක්ෂක වාතාවරණය නිසා වැඩි පිරිසක් එක්රැස් නොකරගෙන ඉතා කුඩා කණ්ඩායම් ලෙස මෙම සැමරීම් සිදු කිරීමට පියවර ගන්නා බව ද වාර්තා විය. කෙසේ වුවද ආණ්ඩුව මෙම කටයුතු නතර කිරීමට කිසිවක් සිදු කර නැත. ජනසංහාර සතිය යැයි ත්‍රස්තවාදීන් සමරමින් උත්සව පැවැත්වීම ආරම්භ කළේ ද 2015 පසුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස