රටටම කොරෝනා හැදුණත් අපට කමක් නෑ! බස්වල මගීන් සිමා කරන්න නම් අපට ආණ්ඩුව ගෙවන්න ඕන! – බස් ගැමුණු

April 20, 2020 at 8:59 am | by emanisa.lk

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව මඟී ප්‍රවාහන බස් රථවල මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කරන්නේ නම් අනිවාර්යයෙන්ම රජය විසින් ධාවනය වන කිලෝ මීටරයකට යම් මුදලක් ගෙවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

එමෙන්ම වසංගත අවදානම අඩු කලාපවල ධාවනය කිරීමේදී කිසිසේත් මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කළ නොහැකි බව කී සභාපතිවරයා ආසන සංඛ්‍යාවට මගීන් ප්‍රවාහනය කිරීමට ඉඩ ලබා දිය යුතු බවත් නොඑසේ නම් ධාවනයේ නොයෙදෙන බවත් කියා සිටියේය.

තමා මේ බව ජනාධිපති ලේක්ම්වරයාට ද දැනුම් දුන්නේ යැයිද හෙතෙම කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස