රටටම එක නීති පද්ධතියක් බලාත්මක කර ජනවර්ග අනුව අමාත්‍යංශ බෙදීම තහනම් කිරීම ත්‍රස්තවාදයට විසඳුමයි! සියලු මුස්ලිම්වරුන් ත්‍රස්තවාදීන් නොවුණාට මුස්ලිම් දේශපාලකයෝ අන්තවාදීන්ට උදව් කළා!- දයාසිරි ජයසේකර

May 7, 2019 at 5:47 pm | by admin

ශ්‍රී ලාංකික ජාතියක් ලෙස රටටම එක නීති පද්ධතියක් සකස් නොකිරීම ඇතිවී ඇති බොහෝ ප‍්‍රශ්නවලට හේතුව යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය.

සියලු ශ්‍රී ලාංකිකයන්ට අයත් ආගමික හා සංස්කෘතික අනන්‍යතාවන් රැකෙන පරිදි රටටම එක නීති පද්ධතියක් සකස් කළ යුතු යැයි ද ලිහිල් නීති බලපැවැත්වීමේ ප‍්‍රතිපල අද භුක්ති විදිමින් සිටින්නේ යැයි ද හෙතෙම සදහන් කළේය.

මුස්ලිම් හින්දි බෞද්ධ ක‍්‍රිස්තියානි වශයෙන් විවිධ අමාත්‍යංශ හැදීමේ ප‍්‍රතිපල ලෙස වත්මන් අර්බුද ඇති වූයේ යැයි කී ජයසේකර මහතා එකම අමාත්‍යංශ්‍යක් යටතේ මේ සියල්ල තිබිය යුතු යැයි ද එසේ නොවුව හොත් අන්තවාදය වැළැක්වීමට නොහැකි වන්නේ යැයි ද කිය.

මුස්ලිම් ජනතාවගේ ඇතිවී ඇති අර්බුදයට හේතු වී ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වන්නේ මුස්ලිම් දේවස්ථාන ඉදිකිරීමේ දී අවශ්‍ය නීථිමය කි‍්‍රයාමාර්ග නොගෙන අවශ්‍ය ඕනැම වේලාවක ඕනැම තැනක දේවස්ථාන ඉදිකිරීමට අවස්ථාව ලබා දීම යැයි කී ජයසේකර මහතා, ආගමික වශයෙන් ඔවුන් අතින් හෝ ඉටුවී නැතැයි ද කීය.

ආගමික වශයෙන් කතෝලික ආගමේ ද අන්තවාදින් සිටින්නේ යැයි පැවසූ මන්ත‍්‍රීවරයා එසේ වුවද ඔවුන් කිසිදු අවස්ථාවක දී මරාගෙන මැරෙන තත්ත්වයට පත්ව නැතැයි ද කීය. බොද්ධ ආගමේ ද හින්දු ආගමේ ද විවධ අදහස් දරන අය සිටින බවත් එසේ වුවද ඔවුන් කිසිවිටෙක අන්තවාදයට ගොස් නැතැයි ද කියා සිටියේය.

සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ අදහස මේ අය මුස්ලිම් අය නොවන බවත් ඒ ඉස්ලාම් ආගම අදහන පිරිසක් නොවන බවත් ඔවුන් රස්තියාදුකාරයින් බවත් යැයි පැවසූ ජයසේකර මහතා එසේ වුවද මුස්ලිම් දේශපාලඥයින් පසුගිය සමයේ මොවුන්ට උපකාර කර ඇතැයි ද පැවසීය.

ඉදිරියේ එන රාමසාන් කාලය තුළත් ආරක්ෂඛ අංශවලට ගෙවල් සෝදිසි කරන්නට සිදුව තිබීම කණගාටුවට කරුණක් බවත් බෝම්බ කරුවන්ගෙන් ජනතාව රැකගැනීමේ මෙහෙයුම් සාමාන්‍ය මුස්ලිම් ජනතාව කෙරෙහි එල්ල කළ පීඩනයක් ලෙස නොසිතන ලෙස ඉල්ලා සිටින බව ද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස