රජරට සරසවි රැග් කතාව බොරුවක්… අරමුණ ප්‍රයිවට් කැම්පස් ප්‍රවර්ධනය…! – රජරට මහා ශිෂ්‍ය සංගමය….

May 6, 2025 at 3:42 pm | by emanisa.lk

රජරට විශ්වවිද්‍යාලයේ නවකවධය ක්‍රියාත්මක වන බවට සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් සභාපති මනුක මිහිරංජන පරිගණක අපරාධ කොමිෂන් සභාවට පැමිණිලි කරයි.

එමගින් ඔහු පෙන්වා දෙන්නේ සිය විශ්වවිද්‍යාලයේ අන් මත ඉවසන සිසුන්ට ස්වාධීනව තීන්දු තීරණ ගැනීමට හැකි නිදහස් පරිසරයක් පවතින බවයි.

මෙලෙස රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත අභූත චෝදනා නඟන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රවර්ධනය සඳහා බවට ද මහා ශිෂ්‍ය සංගම් සභාපතිවරයා පෙන්වා දෙයි.

එම පැමිණිල්ල මගින් මනුක මිහිරංජන ඉල්ලා සිටින්නේ අදාළ සාවද්‍ය චෝදනා නඟන සමාජ මාධ්‍ය පිටු පවත්වා ගෙන යන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *