රජය මහ කන්නයේ වී ටොන් 48ක් මිලට ගනී… සැලසුම ටොන් ලක්ෂ 02යි..!

March 14, 2025 at 9:48 am | by emanisa.lk

මහ කන්නයේ දී වී මෙට්‍රික් ටොන් 48 ක් මිල දී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩල සභාපති මංජුල පින්නලන්ද පවසයි.

මඩ කළපුවෙන් වී මෙට්‍රික් ටොන් 15 ක් ද, අම්පාරෙන් වී මෙට්‍රික් ටොන් 7ක් ද මිලදී ගෙන ඇති අතර පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්කවලින් වී තොග ලැබීමට නියමිතය. වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය ඊට බාධා වී ඇතැයි ද සභාපතිවරයා සඳහන් කරයි.

මහ කන්නයේදී වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ දස දහසක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය පහසුකම් සලසා ඇති බවත්, ඒ වෙනුවෙන් වී අලෙවි මණ්ඩලය සතු මධ්‍යස්ථාන 166ක් සුදානමින් පවතින බවත් හෙතෙම කියයි.

වී මිලදී ගැනීමට රුපියල් කෝටි 500ක් වෙන් කර ඇති බවත්, අද මිලදී ගන්නා වී සඳහා හෙට දිනයේදී ගොවීන්ගේ ගිණුම්වලට මුදල් බැර කරන බවත් මංජුල පින්නලන්ද වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *