රජය නැවත ව්‍යාපාර කරන්නේ නෑ..! දැනට පවතින රාජ්‍ය ආයතන 40ක් වසා දමනවා..! – මුදල් රාජ්‍ය ඇමැති…

March 18, 2023 at 8:12 am | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හිමි වන විස්තීරණ ණය පහසුකම අනුමත වීමෙන් පසු මේ වසරේ සිව්වන කාර්තුවේ දී මෙරට ආර්ථිකය ස්ථාවරත්යට පත්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කරයි.

“අපි විශාල කැපකිරීමක් කළා. 20 වනදා අනුමැතිය ලැබෙයි. පළවෙනි වාරිකය ලෙස මාර්තු මාසය තුළ ම ඩොලර් මිලියන 330කට ආසන්න මුදල් ප්‍රමාණයක් ලැබෙනවා.

රජය ප්‍රතිපත්තිය ලෙස පිළිගන්නවා. රජය තව දුරටත් ව්‍යාපාර කටයුතුවල නියැලෙන්න හොඳ නැහැ. අපි නැවත කිසිම රාජ්‍ය ව්‍යාපාරයක් රාජ්‍ය මැදිහත්වීම තුළ ආරම්භ කරන්නේ නැහැ. දැනට ක්‍රියාශිලීත්වය අතින් පහළම මට්ටමක තිබෙන රාජ්‍ය ආයතන දැනට 40කට වඩා වැඩි ප්‍රමාණයක් හඳුනගෙන තිබෙනවා.

ඒ සියල්ල මුදල් අමාත්‍යාංශය යටතට අරගෙන ඒවා වසා දමන්න අවශ්‍ය වැඩකටයුතු කරනවා. දැනට මේ ආයතනවල ඉන්න අයට කිසිදු අසාධාරණයක් සිදුනොවෙන්න අපි කටයුතු කරනවා.”

දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහනට එකතු වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *