රජය තවත් විශේෂ නිවාඩු දින තුනක් දෙයි!

March 17, 2020 at 7:50 am | by emanisa.lk

අද (17) සිට දින රජය තවත් දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අද සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බව රජය නිවේදනය කරයි.

සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බල පැවැත්වෙයිිි.

පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබා දෙන මෙන් රජයේ ඉල්ලා සිටියි.

කොරෝනා වෛරසයේ  ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමුකරමින් තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ සලකා බැලීමට නියමිතය.

රජය විසින් ඊයේ (16) දිනය ද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස